වෙඩිතැබීමක් වළක්වාගනිමින් පතරෙම් 06 ක් සහිත විදෙස් රිවෝල්වර අවියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

අනාවරණය කරගත් තොරතුරක් අනුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, එම ජීව පතරොම් 06 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මට්ටක්කුලිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. 

වැඩිදුර විමර්ශනයේදී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා මොවුන් සූදානම්ව සිට ඇති බවට අනාවරණය වී තිබේ. 

2026.01.09 වන දින රාත්‍රියේ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800 ක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සැකපිට ත්‍රීරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු අනාවරණය ඇත.

මට්ටක්කුලිය, හොරණ, වනවාසල හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 32,34,35 වයස්වල පසුවන්නන්ය. 

2026.01.10 වන දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මෙම සැකකරුවන් සහ අවිය සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරයි.

 

 

Scroll to Top