ටී- 56 ගිනි අවියක්, පතරොම් 10 ක් සහ ජීව අත්බෝම්බක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

2025.11.14 වන දින බොරැල්ල පොලිස් වසමේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු T56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10 ක්. හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ 2026.01.12 වන දින සවස් කාලයේ මාලබේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. 

සැකකරු වයස අවුරුදු 27 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

 

Scroll to Top