හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 296 ග්‍රෑම් 796 ක් රැගෙන මෙරටට පැමිණෙමින් තිබූ බෝට්ටු දෙකක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණෙමින් තිබූ ධීවර යාත්‍රා දෙකක් 2026.01.23 වන දින දකුණු මුහුදු තීරයේදී සැකකරුවන් 11දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන 2026.01.25 වන දින උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන පැමිණියහ.

සැකකරුවන් අවුරුදු 24 ත් 50 ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට, කොස්වත්ත හා බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

යාත්‍රා දෙකෙහි හෙරෝයින් කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 528 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ග්‍රෑම් 268 ක් අඩංගු පාර්සල් 270 ක් තිබී‌ පොලිස් භාරයට ගෙන තිබේ. 

සැකකරුවන් 11 දෙනා  2026.01.25 වන දින අළුත්කඩේ අංක 01 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

Scroll to Top