ගිනි අවියක් තහනම් කඩුවක් ඇතුලුව මත්ද්‍රවය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වූ වැටලීම් ත්‍රිත්වයක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් 2026.01.13 වන දින දහවල් කළුබෝවිල ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂාවට ලක්කර විදේශයක නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි ගිනි අවියක් සහ එක් පතරොමක් සොයාගෙන ඇත.

එම අවස්ථාවේ නිවසේ රදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 26 ක් වන එම නිවසෙහිම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන තිබේ.

වැටලීම සඳහා යුධ හමුදා බුද්ධි තොරතුරක් උපයෝගී වී ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිස් ස්ථානය භාරයේ පසුවේ. 

………………….

ගෝනහේන කඳවුරේ සිට ක්‍රියාත්මක බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒ්කකය එදින වල්ලම්පිටිය මීතොටමුල්ල බස් ඩිපෝව ඉදිරිපිටදී පරීක්ෂාවට ලක්කළ පුද්ගලයෙකු සන්තකයේ මත්කරල් 6700 ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 18 ක් වන මීතොටමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මත්කරල් ප්‍රවාහනයට භාවිතා කළ බවට සැකකරෙන ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩදුර විමර්ශන සඳහා සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

………………….

හෙරොයින් ග්‍රෑම් 27 මිලිග්‍රෑම් 200 ක්, යකඩ කඩු 01 ක්, තහනම් පිහි 01 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනු වැටලීමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒ්කක 1 හි නිලධාරීන් එදින සවස කොළඹ 15 මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු එම වැටලීම කළ නිවසෙහිම පදිංචි 27 හැවිරිදි අයෙකි. 

වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 
Scroll to Top