පසුගිය දිනයන් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනය කළ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ නිලධරයන් වින්දිත පාර්ශවය හඳුනාගෙන ප්‍රධාන සැකකරු 2026.01.18 වන දින හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්හ.
අනතුරුව වැඩිදුර විමර්ශනයේදී ප්‍රධාන සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලිසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44 ක් හා 55 ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන සැකකරු සම්බන්ධව අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක්ද ලබාගැනීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය ක්‍රියා කර ඇත.
අනාවරණය වූ කරුණු අනුව සැකකරු තම නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් මෙලෙස පිරිසක් ඉදිරියේ නිරුවත් කර වීඩියෝ කර වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
සැකකරු සිද්ධියෙන් පසුව පොලිසිය මඟහරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගෙන ඇති බවද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සිදුකරයි.