පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුර –
පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් 2026.01.23 වන දින රාත්‍රියේ අහංගම දික්කුඹුර ප්‍රදේශයේ විද්‍යාචන්ද්‍ර මාවතේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 26 ක් වන මිරිස්ස බණ්ඩරමුල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උපකාරී වී ඇති අතර මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා ඔහු අහංගම පොලිස් ස්ථානය භාරයේ පසුවේ.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය –
හෙරොයින් ග්‍රෑම් 400 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 320,000/= ක් (තුන් ලක්ෂ විසිදහසක්) සන්තකයේ තබාගෙන තලංගම පොලිස් වසමේ පුස්සැල්ල ප්‍රදේශයේදී සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2026.01.23 දින සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 42 ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය –
මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් 2026.01.23 දින රාත්‍රියේ එරාවුර් ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 මිලිග්‍රෑම් 600 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 207,200/= ක (දෙලක්ෂ හත්දහස් දෙසීයක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන එරාවුර් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 42 ක් වන එරාවුර් 03 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එරාවුර් පොලිසිය විසින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.