2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ නිලධර දස්කම්

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලණයේ සංවිධානයෙන් 2026 ජනවාරි 23,24 හා 25 යන තෙදින නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය පැවැත්වුනි.

ක්‍රීඩා සමාජ 19 ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 208 ක් අතරට පොලිස් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 ක් සහ ක්‍රීඩිකාවන් 07 ක් එක්ව ඉර පංති කිහිපයක් යටතේ තරඟවැදුනු අතර ඉන් අට දෙනෙකු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

ලබාගත් ජයග්‍රහණ 

1. පොලිස් කොස්තාපල් 96761 ඩබ්.එච්.එච්.ටී.වීරසිංහ 74 බරපංතිය – ප්‍රථම ස්ථානය

2. පොලිස් කොස්තාපල් 90601 එස්.එම්.ඩී.අයි.සී සෙනෙවිරත්න කිලෝග්‍රෑම් 87 බරපංතිය – දෙවන ස්ථානය

3. පොලිස් කොස්තාපල් 106505 ආර්.එම්.යූ රාජගුරු කිලෝග්‍රෑම් 80 බරපංතිය – දෙවන ස්ථානය

4. පොලිස් කොස්තාපල් 105855 එම්.පී.එන් ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 54 බර පංතිය – තෙවන ස්ථානය

5. පොලිස් කොස්තාපල් 98709 එච්.එම්.ඩි.ජි බංඩාර කිලෝග්‍රෑම් 58 බර පංතිය තෙවන ස්ථානය

6. කාන්තා පොලිස් කොස්තාපල් 12643 ඩබ්.පී.වයි කුමාර රත්න කිලෝග්‍රෑම් 67 බර පංතිය දෙවන ස්ථානය

7. කාන්තා පොලිස් කොස්තාපල් 12665 කේ.එම්.එච් වීරකෝන් කිලෝග්‍රෑම් 67 බර පංතිය තෙවන ස්ථානය

8. කාන්තා පොලිස් කොස්තාපල් 12578 එච්.එම් අයේශනී කිලෝග්‍රෑම් 73 බර පංතිය තෙවන ස්ථානය

මෙම ක්‍රීඩකයන් 8 දෙනාම Kyorugi තරඟ කාණ්ඩය යටතේ තරඟ වැදුනු ක්‍රීඩකයන්ය.

ටයිකොන්ඩෝ කණ්ඩායමේ සභාපති ලෙස මේ වන විට නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා ක්‍රියා කරන අතර කණ්ඩායමේ ලේකම් ලෙස කාන්තා සහකාර පොලිස් අධිකාරී එන්.ටී නිරෝෂා කුමාරි මහත්මිය, කළමාණාකරු පොලිස් පරීක්ෂක ඒ්.ඩී.එස් අමරසිංහ. ප්‍රධාන පුහුණුකරු පොලිස් සැරයන් 15970 ඩබ්ලිව්. පී.එස් හෙට්ටිආරච්චි, සහය පුහුණුකරු පොලිස් කොස්තාපල් 79389 ඒ්.එල්.ඒ් අරණ ශාන්ත, භෞත චිතික්සත පොලිස් කොස්තාපල් 79393 එස්.ජේ. පී සුගතදාස, කණ්ඩායම් නායක ලෙස පොලිස් කොස්තාපල් 23785 ටී.එම්.පී.සී තෙන්නකෝන් යන නිලධාරීන් කටයුතු කරයි.


Scroll to Top