අඟුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේ ඉහල මහලක තිබී පහරකෑමට ලක්ව මිය ගිය කාන්තා මළ සිරුරක් සොයාගැනීමට හැකිවන්නේ 2026.01.27 වන දින සවස අගුලාන පොලිස් ස්ථානය වෙත ලද දුරකථන ඇමතුමක් අනුවයි.
විමර්ශනයේදී ඇය වාද්දූව, කුඩාවස්කඩුව ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරියක් වන 24 හැවිරිදි කාන්තාවක් බවත්, 2026.01.26 දින සවස් කාලයේ සිට මෙම මහල් සංකීර්ණයේ නිවස තුළ ඇය නවාතැන් ගෙන සිටි පුද්ගලයා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බව අසල්වාසීන් විසින් පැවසූ කරුණු අනුව අනාවරණය වී ඇත.
ඒ් අනුව පහරදී ඝාතනයට සැකකරු වන එම පුද්ගලයා හඹා ගිය අගුලාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් 2026.01.28 දින සැකකරු ප්‍රදේශයෙන් පළා යමින් සිටයදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සයුරුපුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන තරුණයෙකි.
අඟුලාන පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.