පොලිස්පතිතුමාගේ භාර්යයාව, සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මියගේ සංකල්පයක් අනුව මින් පෙර කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ හා පාර්ලිමේන්තු වෙළඳ සංකීර්ණය තුල රූ සිරි නමින් ස්ථාපිත කළ රූපලාවන්‍යාගාරය දිවයිනේ සෙසු ප්‍රදේශකරා ද ව්‍යාප්තකිරීම ආරම්භකරමින් අනුරාධපුර පොලිස් ස්ථානය පරිශ්‍රයේ සකස්කළ නව රූපලාවන්‍යාගාරය 2026.02.07 වන දින විවෘත කරන ලදී.
ගැටළු ඉදිරිපත්කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත පැමිණීමට සාමාන්‍ය ජනතාව දිරිගන්වමින් පොලිස් ස්ථාන කාන්තාවන්ට සමීප කරවීම ප්‍රධාන අරමුණක් කර ගනිමින් ඉතා සහනදායී මිලක් යටතේ මෙම රූපලාවන්‍යාගාරය මගින් සේවා සැපයීමට නියමිත අතර මෙමගින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වය ලබාගත් පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන් උදෙසා රැකියා අවස්ථාවන්ද ලබාදීමට හැකිවේ.
සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීතිඥ නිල්මිණී සමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී 1 ප්‍රභාත් විතානගේ මහතා ඇතුලුව අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර, අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍යාමලී දිසානායක, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණි.