ජීවිතයේ සැඳෑ සමය වැඩිහිටි සුරාක්ෂා නිවාසයක් තුළ ගෙවමින් පසුවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් සැනසීම සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධරයන් 2026.02.05 වන දින උදෑසන බොරැල්ල ලංකාරාම විහාරස්ථානය වෙත ගියහ.
වැඩිහිටියන් සෙනෙහසින් රැකබලා ගැනීම බාල පරම්පරාවට හුරු පුරුදු කිරීම අරමුණුකරගනිමින් ප්‍රජා පොලිස් කොට්ඨාසයෙන් පවත්වාගෙන යනු ලබන ටයිනි ටොට්ස් පෙර පාසල් ත්‍රිත්වයේ දරු දැරියන් සමූහයක්ද මෙම අවස්ථාවට එක් කර ගත් අතර පොලිස් බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සංගීතය මුසු කරගනිමින් රසාස්වාදයෙන් පිරි සංගීතමය හෝරා කිහිපයකින් වැඩිහිටි පිරිසට ලබාදීමට කටයුතු කරන ලදී.
හාස්‍ය උත්පාදිත රංගනයේ හා ගායනයේ නම් දැරූ කලාකරුවන් දෙදෙනෙක් වන සුනෙත් චිත්‍රානන්ද මහතා සහ අනුර ශ්‍රීනාත් මහතා වැඩසටහන සඳහා එක්වෙමින් සංගීත හෝරා කිහිපය තවත් රසගැන්වීය.
එදින වැඩිහිටි නිවාසය සඳහා දිවා ආහාර වේලද ප්‍රජා පොලිස් කොට්ඨාසය විසින් පිරිනමන ලදී.
පොලිස්පතිතුමාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් සහ පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ සංවිධානයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ඩි.කේ ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වූ වැඩසටහනට ආරාධනය පරිදි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ සහභාගීීත්වය හිමිවිය.