Gov pay මගින් රථවාහන දඩ ගෙවීමේ පහසුව මහනුවර, මාතලේ,ගම්පොල,තෙල්දෙණිය කොට්ඨාසයන්ට

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය භාවිතා කරමින් මධ්‍යම පළාත තුළ රථ වාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව ලබාදී තිබේ. 

Gov pay භාවිතා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුව 2026.02.02 වන දින නුවරඑළිය කොට්ඨාසයට හා හැටන් කොට්ඨාසයට පැවැත්වීමෙන් අනතුරුව 2026.02.03 වන දින මහනුවර පොලිස් මූලස්ථානයේ ශ්‍රවනාගාරයේදී මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ හා රථවාහන හා මාර්ග ආරක්ෂන දිසාව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, මාතලේ,ගම්පොල,තෙල්දෙණිය පොලිස් කොට්ඨාසයන්ට පැවැත්වුනි.

මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමට මෙන්ම ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නිලධාරීන් වෙත ලබාදීම සඳහා 

ප්‍රවාහන/අධිවේගී මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක හර්ෂන පුරසිංහ මහතා, ඩිජිටල් ආරක්ෂක උපදේශක සුමුදු රත්නායක මහතා, Lankapay ආයතනය නියෝජනය කරමින් එහි විධායක නිලධාරී චන්දන සිල්වා මහතා සහ අමිල ඒ්කනායක මහතා,

ICTA ආයතනයේ ව්‍යාපෘති කළමනාකරණ ‍උදාරි විතානගේ මහත්මිය සම්පත් දායකයින් ලෙස වැඩසටහන එක් විය. 

වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදුකෙරුණි.

මින් ඉදිරියට ඔබට Gov Pay ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පළාත තුල රථ වාහන දඩ ගෙවීම සඳහා පොලිස් නිලධාරින්ගෙන් උපදෙස් ඉල්ලා සිටි හැක. දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.

Scroll to Top