Gov pay මගින් රථවාහන දඩ ගෙවීමේ පහසුව නුවරළිය හා හැටන් කොට්ඨාසයන්ට

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය භාවිතා කරමින් නුවරඑළිය හා හැටන් කොට්ඨාසයන් තුළදී රථ වාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව ලබාදී තිබේ. 

සමාරම්භය සඳහා පැවති දැනුවත් කිරීමේ හමුව නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ සහ රථවාහන හා මාර්ග ආරක්ෂන දිසාව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.02 වන දින උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ආශ්චර්යා උත්සව ශාලාවේදී පැවැත්වුනි. 

මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමට මෙන්ම ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නිලධාරීන් වෙත ලබාදීම සඳහා ICTA ආයතනය නියෝජනය කරමින් ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය, තාක්ෂනික නිලධාරී ඉනුක මායාකඩුව මෙන්ම Lanka Pay ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු අමිල ඒ්කනායක මහතා මෙම අවස්ථාව සහභාගී වූ අතර ප්‍රධාන දේශනය රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා විසින් පවත්වන ලදී.

වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදුකෙරුණි.

මින් ඉදිරියට ඔබට Gov Pay ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පළාත තුල රථ වාහන දඩ ගෙවීම සඳහා පොලිස් නිලධාරින්ගෙන් උපදෙස් ඉල්ලා සිටි හැක. දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.

Scroll to Top