ඌව පළාතෙන් ගංජා සහ නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි

ඌව පළාත තුළ ව්‍යාප්ත වී ඇති ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් උදුරා දැමීම ඉලක්ක කරගත් විශේෂ මෙහෙයුම් වැඩසටහනක සමාරම්භක උත්සවය 2026 පෙබරවාරි 14 වන දින පැවැත්විණි.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය මොණරාගල කොට්ඨාසයට අයත් තණමල්විල පොලිස් ස්ථානයේදී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්. ලක්සිරි මහතා, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා, මොණරාගල හා බදුල්ල කොට්ඨාස භාර නිලධාරින්, තණමල්විල ප්‍රාදේශීය ලේකම්තුමා, දිසා වෛද්‍ය නිලධාරී තුමිය හා මොණරාගල ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු ප්‍රජා කමිටු සමාජිකයින් සහභාගි විය. 

මෙම මෙහෙයුම හරහා ඌව පළාතේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සහ නීති විරෝධී මත්පැන් ජාවාරම් මුළුමනින්ම මර්දනය කිරීම ශ්‍රි ලංකා පොලිසියේ අපේක්ෂාවයි.

Scroll to Top