ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කර පවත්වන “මැලිබන් අභියෝග කුසලාන” අන්තර් සමාජ ලීග් ශූරතා රග්බි තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම හා ගුවන් හමුදා රගර් කණ්ඩායම 2026.02.20 වන දින රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී තරඟ වැදුනි.
එහිදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 24ට 12ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජයට පත්කරමින් පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය. ඒ් අනුව පොලිස් කණ්ඩායම අනුශූරයින් ලෙස තරඟාවලිය නිමාකරන ලදී.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්(විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තරඟය නැරඹීමට ක්‍රීඩාංගණයට එක්වී සිටියහ.