කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 455 ක්, සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 455 ක් පොලිස් භාරයට ගනිමින් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2026.02.19 වන දින කල්පිටිය අනාවාසල ප්‍රදේශයේදී සාර්ථක වැටලීමක් සිදුකර ඇත. 

වැටලීමේදී සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 375 ක් තිබී, අනෙක් සැකකරු සන්තකයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 80 ක් තිබී ඇත.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 41 ක් හා 50 ක් වන හෙට්ටිපොල හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කල්පිටිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Scroll to Top