මීරිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹයි

තරමක් අබලන් වූ, පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන මීරිගම පොලිස් ස්ථානය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම අරඹමින් මුල්ගල් තැබීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.25 වන දින උදෑසන සිදු කෙරුණි.

වත්මන් පොලිස් ස්ථානය පිහිටන භූමිය තුළම පොලිස් ස්ථානයකට අවශ්‍ය සියළු අංශ සඳහා ඉඩ පහසුකම් සහිතව නව ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර තක්සේරු වටිනාකම රුපියල් කෝටි 8 කට ආසන්න වියදමින් ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකර අවසන් කිරීමට නියමිතය.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සමඟ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා, බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා, ප්‍රවර්ථණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියංකරද සිල්වා මහතා, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතා, සර්වාගමික පූජ්‍ය පක්ෂය ඇතුළුව ප්‍රදේශයේ මහජන නියෝජතයින්, නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Scroll to Top