ඇතිමලේ පොලිස් ස්ථානය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය 2026.03.09 වන දින උදෑසන ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල රක්ෂිත ප්‍රදේශයේ අක්කර 02 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා වගාවක් වැටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අඩි 06 ක් පමණ උසට වැඩී තිබූ ගංජා ගස් 55220 ක ප්‍රමාණයක් භූමි ප්‍රමාණයේ වගාකර තිබී ඇති අතර වගාව ගිණිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඇතිමලේ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.