සොරෙකු ඔබේ නිවසට ගෘහ සේවකයෙකු ලෙස ඇතුල්විය හැකියි !

මිරිහාන,මහරගම,දෙහිවල, ගල්කිස්ස  වැනි කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශවල නිවෙස් හිමියන් ගෘහ සේවය සඳහා මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා සේවක සේවිකාවන් සොයා ගැනීම බොහෝ විට නියෝජිත ආයතන මගින් හෝ තැරැව්කරුවන් මගින් සිදුකරගනී.

ඇතැම් අවස්ථාවල එම සේවකයින් අදාල නිවසේ හිමිකරුවන්ගේ මුදල්, රන් ආභරණ, දේපල හා විදේශීය මුදල් ඇතුළු වටිනා දේ සොරකම් කර පළා ගිය අවස්ථා අවස්ථා පිළිබඳව වාර්තා වන බැවින් යම් අයෙකු සේවකයෙකු ලෙස බඳවා ගන්නේ නම් පහත සඳහන් මගපෙන්වීම් සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව දැනුම් දෙන්නෙමු.

* සේවයට බඳවා ගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ පසුබිම පරීක්ෂා කරන්න.

* ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපත පරීක්ෂා කර සත්‍ය  පිටපතක් බව තහවුරු කර ගැනීම.

* ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔහු හෝ ඇය සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගන්න.

* පවුලේ සාමාජිකයන්ගේ දුරකථන අංක ඉල්ලාගෙන තහවුරු කරගන්න.

* නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක සඟවා තබාගන්න.

 
Scroll to Top