* තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය 2026.03.14 දින දහවල් හුංගම කිවුල දකුණ හා හාතගල ප්‍රදේශ තුළ සිදුකළ වැටලීම් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210 ක් හා හෙරොයින් ග්‍රෑම් 102 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 27 හා 39 වයසේ පසුවන අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සම්බන්ධව හුංගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.
* ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එදින රාත්‍රියේ ඌරගස්මංහන්දිය උඩුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 105 මිලිග්‍රෑම් 450 ක් හා හෙරොයින් ග්‍රෑම් 52 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 36 ක් වන ගල්උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
* ගංජා කිලෝග්‍රෑම් 02 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 260 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරුන මුදල් රුපියල් 84,500 ක් සන්කයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගලේවෙල පොලිස් ස්ථානයට හැකි වී තිබේ.
2026.03.14 දින දහවල් ගලේවෙල ජයතිලකමාවත ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර ඇත.
සැකකරු වයස අවුරුදු 38 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙති.
ගලේවෙල පොලිස් ස්ථානය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.