පොලිස් විරු දින උදෑසන පොලිස්පතිතුමන් දළදා වහන්සේ අභිමුවට

පොලිස් රාජකාරි අතරතුර දිවි පිදූ නිලධරයින් ගෞරවයෙන් සිහිපත්කරන මාර්තු මස 21 වන අද දිනට යෙදෙන පොලිස් විරු සමරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර දළදා මාලිගාවේ තැන්පත් අතිපූජනීය දළදා වහන්සේ උදෙසා උදෑසන මුල්තැන් දානය පූජා කරන ලදී.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළුව මහනුවර සහ මාතලේ පොලිස් කොට්ඨාසවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, වික්‍රමාන්විත රාජකාරියේදී දිවි පිදූ නිලධාරීන්ගේ සමීප ඥාතීන් මෙම උතුම් පින්කම සඳහා සහභාගී වූ අතර පොලිස්පතිතුමන් එහිදී පොලිස් කොට්ඨාස ධජ උතුම් දළදා වහන්සේ ඉදිරිපිට තබා සියළු පොලිස් නිලධාරීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

Scroll to Top