ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.02 දින උදෑසන මාලිගාවිල දෙස සිට ඔක්කම්පිටිය දෙසට 02 කණුව ප්රදේශයේදී ගංජා කිලෝග්රෑම් 190 ග්රෑම් 180 ක් කැබ් රථයකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 35 සහ 39 වයස්වල පසුවන තණමල්විල ප්රදේශයේ පදිංචිකරුවන්ය.
ඔක්කම්පිටිය පොලිස් ස්ථානය සැකකරුවන් පිළිබඳව සහ ආධාර අනුබල දුන් අය අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.