“බුද්ධ රශ්මි” වෙසක් කළාපයේ නිමාව සනිටුහන් කරමින් විථි සංචාරය කළ පොලිසියේ මල් පෙරහැර

කොළඹ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2026.05.30 වන දින ඇරඹුනු දර්ශනීය “බුද්ධ රශ්මි” වෙසක් කළාපය 2026.06.02 වන දින සවස නිමාවට පත්විය.

නිමාව සනිටුහන් කරමින් එදින සවස පොලිසිය විසින් ගංගාරාම විහාරස්ථානයේ සිට සීමා මාලකය දක්වා මල් පෙරහැරක් පැවැත්විය. 

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ සංවිධානයෙන් පොලිස් නිලධරයන් 170කට අධික ප්‍රමාණයක් සේසත්, මුතුකුඩ,බෞද්ධ රජ, මල් වට්ටි රැගෙන, හේවිසි කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සමඟ පෙරහැරේ ගමන් ගත්හ.

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධරයන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධරයන් සහ පොලිස් මූලස්ථානයේ නිලධරයන් පෙරහැරට විශේෂාංග සමගින් සහභාගීත්වය ලබාදුන් අතර අවට පොලිස් ස්ථානවල සහයෝගය හා ආරක්ෂාව යටතේ පෙරහැර දර්ශනීයව අන්දමින් පැවැත්වීමට හැකිවුනි.

‌පෙරහැර අවසානයේ විහාරස්ථානට පැමිණසිටි කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පොලිස්ලතිතුමන් සුහඳ පිළිසඳරක නිරතවූ අතර විහාරස්ථාන පරිශ්‍රය තුළ සංවිධානය කළ බත් දන්සලේ කටයුතු සඳහා සහභාගී විය.

Scroll to Top