අනාගත ලෝකයට ගැලපෙන පිරිදි පොලිස් බලකාය පුහුණුකිරීම සඳහා අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වැඩිදියුණු කිරීමට පියවර

නූූතන තාක්ෂණය සමඟ මෙන්ම ගෝලීයකරණය තුළ ශ්‍රීඝ්‍රයෙන් වෙනස්වන සමාජ වටපිටාවන්ට ගැලපෙන පරිදි පොලිස් රාජකාරි ඉටුකිරීම සඳහා සෑම පොලිස් නිලධරයෙකුම දැනුමෙන් සපිරි යාවත්කාලීන පුරවැසියෙකු වීම අනිවාර්ය වේ.

එවැනි අපේක්ෂාවන් සඵල කර ගැනීම සඳහා සේවයේ යෙදීසිටින නිලධාරීන් හට විවිධ පුහුණු පාඨමාලා  ලබාදෙමින් දැනුමෙන් සන්නද්ධකිරීම සඳහා අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මේ වන විටත් විශිෂ්ඨ අන්දමින් ක්‍රියාත්මකයි.

ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා හා පොලිස්පති නීතිඥ ප‍්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් තවදුරටත් අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වෙනුවෙන් කළයුතු වැඩිදියුණුකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා 2026.06.05 වන දින අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගරු අමාත්‍යතුමන් විසින් මෙහිදී ශ‍්‍රී ලංකා පොලිසිය වෙත අවශ්‍ය ගුණාත්මක වශයෙන් ඉහළ තලයේ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට මෙහි ඇති ශක්‍යතාවය විමර්ෂණයට උපදෙස් ලබාදී ඇති අතර තොරතුරු තාක්ෂණ පාඨලාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමටත්, සිදුවෙමින් පවතින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් උපදෙස් ලබාදෙමින් ප්‍රතිපාදන සඳහා කඩිනම් පියවර ගනිමින් සුවවන බව සඳහන් කර ඇත.

Scroll to Top