පුද්ගලයෙකු සන්තකයේ තිබී ව්‍යාජ ඩොලර් නෝට්ටු හමුවූ සිද්ධියක් සම්බන්ධව විමර්ශන ආරම්භකළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2026.06.08 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු 6300ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වයස අවුරුදු 53 ක් වන මෙම සැකකාරිය සම්බන්ධව අනාවරණය කරගැනීමට හැකි වී ඇති අතර සැකකාරිය විසින් වර්තමානයේ පවතින ඩොලර් මුදල් අගයට සාපේක්ෂව අඩු මුදලකට දිවයිනේ සුප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුලදී විවිධ පුද්ගලයින් වෙත මෙම මුදල් නෝට්ටු අළෙවි කිරීමට තැත්කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මුල් අවස්ථාවේදී ව්‍යාජ නොවන ඩොලර් නෝට්ටු කිහිපයක් ගැණුම්කරුවන්ට ලබා දී ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගත් පසු ව්‍යාජ ඩොලර් නෝට්ටු ලබාදීම ආරම්භකර මෙම මුදල් වංචාව සිදුකරගෙන ගොස් ඇත.
සැකකාරිය වයස අවුරුදු 53 ක් වන කොටිකාවත්ත ප්රදේශයෙහිම පදිංචිකාරියකි.
මෙම මුදල් වංචාව සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තවදුරටත් විමර්ශන සිදුකරයි.