වෝහාරික ඡායාරූපකරණය හා වීඩියෝකරණය පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සංවිධානය කරන ලද වෝහාරික ඡායාරූපකරණය හා විඩියෝකරණය පාඨමාලාව – කණ්ඩායම් අංක 28 2026.06.12 දින සාර්ථකව අවසන් වන ලදී.  සහතික පත් බෙදා දීමේ උත්සවය පොලිස් මුලස්ථානයේදි පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයසිරි කොඩිතුවක්කු මහතා සහ අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර මහතා ඇතුලු නිලධාරින් සහභාගි විය. 

මෙම පාඨමාලාව 2026.04.22 වන දින සිට 2026.06.12 දින දක්වා දින 45 පුරාවට පවත්වන ලදී. මෙම පාඨමාලාව මගින්, 

•වෝහාරික ඡායාරූපකරණය හා වීඩියෝකරණය.
•වෝහාරික හා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද දැනුම
•නවීන තාක්ෂණික කැමරා පිළිබද දැනුම
•අධිකරණ කටයුතු සදහා අවශ්‍ය නෛතික දැනුම
•ප්‍රායෝගික වැඩමුළු (හෝටන් තැන්න/වනජීවී/වෝහාරික)
•ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවනතා පිළිබද යාවත්කාලීන දැනුම
•අපරාධ ස්ථාන‍, උද්ඝොෂණ‍, විමර්ශන හා ආවේක්ෂණ ඡායාරූපකරණය හා වීඩියෝකරණය

යනාදි ක්ෂේත්‍ර ආවරණය කරන ලදී. මෙම නිලධාරින් ඉදිරියේදි දිවයින පුරා පොලිස් කොට්ඨාස වෙත අනුයුක්ත කරන අතර එහිදි එම නිලධාරින්ගේ සේවය පොලිස් කොට්ඨාස වෙත ලබා දිමට නියමිතය.

Scroll to Top