කෝපායි පොලිස් ස්තානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ සුරතින් විවෘත වෙයි

යාපනය කොට්ඨාසයේ අළුතින් ඉදි කරන ලද කෝපායි පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් 2026.06.14 අද දින සිදු කරන ලදී. 

කෝපායි පොලිස් ස්ථානය 1966 වර්ෂයේ ජනවාරි මස 06 වන දින ආරම්භ කර ඇති අතර අළුතින් ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 47ක පමණ මුදලක් වැය වී ඇත.මෙම පොලිස් වසමට ග්‍රාම නිලධාරී වසම් 27ක් අයත් වන අතර වර්ග කිලෝ මීටර් 51ක භූමි ප්‍රමාණයක 64,500ක පමණ ජනතාවක් ජීවත් වේ. එමෙන්ම යාපනය විශ්ව විද්‍යාලය හා යාපනය ගුරු විද්‍යා පීඨයද මෙම පොලිස් වසම තුල පිහිටා ඇත. 

මෙම උත්සව අවස්ථාවට ගරු උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා, යාපනය දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන් මහතා, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජනරාල් ප්‍රියන්ත නවරත්න මහතා, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Scroll to Top