සංවර්ධනය කළ ස්ථානාධිපති නිල නිවාස 07 ක් පොලිස්පතිතුමාගේ උතුරු පළාත් නිලසංචාරය අතරතුර නිල වශයෙන් විවෘත කෙරුණි

දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම නීතිය හා සාමය එකලෙස ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය  ශක්තිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගැනීම ශ්‍රී ලංකා පොලිසියේ දැක්මයි.

භෞතික හා සාමාජීය සංවර්ධනය සමඟ ක්‍රමානකූලව ගොඩනැගෙන උතුර පළාත තුළද සමාජ මිත්‍රශීලී ශක්තිමත් පොලිස් සේවාවක් ඇතිකරමින් එම පළාත තුල ජීවත්වන සියළු ජනතාවට මෙරට නීතියේ හා මහජන ආරක්ෂාවේ සෙවණේ ජීවත්වීමට හැකි පරිසරය තවදුරටත් ඔප්නැංවීම සඳහා අවශ්‍ය පසුබිම මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ නිර්මාණය වෙමින් පවතී.

ඒ් අනුව කෝපායි පොලිස් ස්ථානය වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිල්ල මෙන්ම සංවර්ධනය කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිල නිවාස කිහිපයක්ම ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2026.06.13 සහ 14 දෙදින උතුරු පළාත තුළ සිදුකළ නිල සංචාරයේදී විවෘත කරන ලදී.  

නිල වශයෙන් විවෘත කෙරුණු පොලිස් ස්ථානාධිපති නිල නිවාස – කන්කසන්තුරේ, කෝපායි, පලාලී, කොඩිකාමම්, චාවකච්චේරි, චුන්නාකම්, කයිට්ස්. 

මෙම අවස්ථාවන් සඳහා එම ප්‍රදේශයන්හි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්. බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාසභාර පොලිස් නිලධාරීන්, ස්ථානාධිපතිවරුන් සහභාගී විය.

Scroll to Top