රිය අනතුරින් සහ අවහිරයෙන් තොර සුරක්ෂිත මහ මගක් උදා කිරීම.
සැමට ආරක්ෂිත මහ මගක ගමන් කිරීමට හැකි පරිසරයක් ගොඩ නැගීම සදහා රිය අනතුරු සංඛ්‍යා ලේඛණ දත්ත එක්රැස් කරමින් රථවාහන නීති සම්පාදනයේදී අදාල ආයතන සමග එක්ව කටයුතු කරමින් ද රථවාහන රාජකාරි නිලධාරීන් පුහුණු කරවමින් මාර්ග ආරක්ෂාව පිළිබදව පාසල් දරුවන් රියදුරන් සහ මහ ජනයා දැනුවත් කිරීම තුලින් දීප ව්‍යාප්ත මාර්ග ආරක්ෂක ක්‍රියා මාර්ග ගැනීම.
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට 1899.12.01 වන දින ට්‍රැම්ප් කාර් රථයක් ධාවනය කල බවට වාර්තා වේ. ඉන් අනතුරුව 1899.12.14 වන දින තැපැල් වෑන් රථයක් මෙරටට ආනයනය කර ධාවන කටයුතු සදහා යොදවා ඇති අතර මුල් වරට මෝටර් කාර් රථයක් 1902 වර්ෂයේදි ද 1906 වර්ෂයේදි බස් රථයක් ද මෙරටට ගෙන්වා ඇත.
මෙසේ වාහන ගෙන්වීමේ ආරම්භයත් සමග රථවාහන පාලනය කිරිම සදහා නීතිරිති අවශ්‍ය වු බැවින්
තවද 1917 දි මෝටර් වාහන ලියාපදිංචි කිරිමේ කාර්යාලයක් ආරම්භ කර රථවාහන ලියාපදිංචි කිරීම සිදු කරන ලදී.
ඉහත කාර්යයන් කාර්යක්ෂම කර ගැනිම සදහා රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව කොට්ඨාසය පාලන අංශය, අධ්‍යාපන අංශය, නිතිය ක්‍රියාත්මක කිරිමේ අංශය, ඉංජිනේරුමය කටයුතු අංශය, සංඛ්‍යාලේඛණ සහ රිය අනතුරු දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථානය, ප්‍රවර්ථන අංශය, ප්‍රවාහන අංශය වශයෙන් අංශ වලට බෙදා රාජකාරි ඉටු කිරිමට කටයුතු කරමින් පවතී