ළමුන් හා කාන්තාවන් සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක්
ළමයින් හා කාන්තාවන් සූරා කෑම සහ වෙනස් කොට සැලකීම වලක්වමින් නීතිය බලාත්මක කිරීම සඳහා ඇති අතුරු විධාන වෙත යොමු කිරීම්, අපයෝජන සහ අපරාධ වැලැක්වීම, වරදකරුවන් පුනුරුත්තාපනයට යොමු කිරීම තුලින් සමාජ ගත කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීම තුලින් ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ඇති කිරීම තහවුරු කිරීමයි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මඟින් ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ඕනෑ ම ආකාරයක හිංසනයක්, ලිංගික හිංසනයක්, ගෘහස්ථ හිංසනයක්, ළමයින්ට ඇති අනාරක්ෂිත බවක්, ළමා ශ්‍රමය, ළමයින්ට ක්‍රෑර ලෙස සැලකීම යනාදිය පිළිබඳ විමර්ශනය කර වැළැක්වීම සිදු කරයි.
cwb.online@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය, 109 හදිසි ඇමතුම් අංකය සහ 0112 444 444 දුරකතන අංකය හරහා ඕනෑ ම අයෙකුට සෘජුව ම පැමිණිල්ලක් පහසුවෙන් ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කර ඇත.
තව ද,
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ, පැය 24 පුරා ම ක්‍රියාත්මක වන මහජන පැමිණිලි කවුළුව මඟින් එවැනි පැමිණිලි සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කර අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබයි.
අංක 78, 1 වන මහල,
මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල,
ග්‍රෑන්ඩ්පාස් පාර,
කොළඹ 14,
ශ්‍රී ලංකාව
හදිසි ඇමතුම් : 109
සෘජු දුරකථන : 011-2444444
දුරකථන : 011-2337041
dir.cwbureau@police.gov.lk
cwb.online@police.gov.lk