අවශ්‍ය සියලු පහසුකම් සහිතව රත්නපුුර කොට්ඨාසයේ ඕපනායක පොලිස් ස්ථානය තුල ඉදිකළ නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ල 2025.07.20 වන දින සවස වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.
ප්‍රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටළුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම, මෙලෙස නවීන පහසුකම් සහිතව ක්‍රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජපන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම කර්තව්‍ය දිවයින පුරා පිහිටුවා ඇති පොලිස් ස්ථාන තුල ඉදිරියටත් සිදුකෙරෙන අතර මෙම ගොඩනැගිල්ල එලෙස ඉදිකළ එක් ගොඩනැගිල්ලකි.
රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.