අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ එක් කෝටි පනස් ලක්ෂයක් මත්පෙති තොගයක් විනාශ කිරීම 

2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදුකරන ලද වැටලිමකදී අත්අඩංගුවට ගත් මත්පෙති 1,50,00000 (එක් කෝටි පනස් ලක්ෂයක්) ක ප්‍රමාණයක් නඩු කටයුතු අවසන් වීමෙන් පසු අධිකරණ නියෝග මත 2025.07.21 දින INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පාලවිය පිහිටි උඳුනේදී විනාශ කිරීමට කටයුතු සිදුකරන ලදී. 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග අනුව 2025.07.21 වන දින උදෑසන 07.00 ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පුත්තලම, පාලවිය පිහිටි ඉහත ආයතනයට අයත් දහන උඳුන වෙත රැගෙන ගිය අතර එහිදී පුත්තලම ගරු මහේස්ත්‍රාත්තුමා අධීක්ෂණය යටතේ දහනය කර විනාශ කිරීම සිදුකරන ලදී. 

මෙම අවස්ථාවට රජයේ රස පරීක්ෂකවරයා, මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හා රේගු නිලධාරීන් ඇතුළු විෂයට ආදාල නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Scroll to Top