සබරගමු පළාත තුලින් වාර්ථාවන යම් බරපකල ඝනයේ අපරාධයක් හෝ පැමිණිල්ලක් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී එය කාර්යාක්ෂමව විසඳීමට සතු හැකියාව තවදුරටත් ඉහල නංවමින් කුරුවිට පොලිස් ස්ථානය පරිශ්‍රයේ ස්ථාපිත කළ සබරගමු පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.19 වන දින සවස විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.