බස්නාහිර පළාත තුල සහ අධිවේගී මාර්ගය තුල GovPay හරහා දඩ මුදල් ගෙවීමට හැකියි.

2011 වසරේ සිට දඩ මුදල් ගෙවීමේ ක්‍රමය නව මුහුණුවරකින් ඉටු කරගැනීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස Digital payment System ක්‍රමය සාර්ථකව මහජනතාව අතරට රැගෙන ඒමට මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා ප්‍රවාහනමහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට ඩිජිටල් ආර් ථික අමාතංශය හා එක්ව හැකියාව ලැබී ඇත.

පළමු අදියර වශයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අනුරාධපුර, කවරක්කුලම තිරප්පනේ, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, කුරුණෑගල, ගොකරැල්ල මැල්සිරිපුර දොරටියාව, දඹුල්ල, ගලේවෙල යන පොලිස් ස්ථාන 12ක ජංගම දුරකථන භාවිතයෙන් Digital payment System ක්‍රමය අතිශය සාර්ථක වී ඇත.

පොලිසියේත් මහජනතාවගේත් පහසුව උදෙසා මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාත තුළ සහ අධිවේගි මාර්ග පද්ධතිය තුළ සිදුවන සියලුම රථවාහන වරදි සඳහා GovPay හරහා දඩ මුදල් ගෙවීමේ පහසුකම් සැලසීමේ හැකියාව 2025.07.28 වන දින මහාමාර්ග අමාත්‍යාංශයේදී  ප්‍රවාහනමහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ, මහජන ආරක්ෂ්‍යක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී නිල වශයෙන් ආරම්භකර  හඳුන්වා දෙන ලදී.

මෙම ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා පියවරෙන් පියවර පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම ඉදිරියට සිදුවනු ඇත.

රථවාහන වැරදි සහ අනතුරු වළක්වා ගැනීම සහ මහජනතාවගේ පහසුව  මූලික චේතනාව අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද Digital payment System ක්‍රමය ඉදිරියේදී මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Scroll to Top