ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය

 

දැක්ම

ළමුන් හා කාන්තාවන් සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක්

මෙහෙවර

ළමයින් හා කාන්තාවන් සූරා කෑම සහ වෙනස් කොට සැලකීම වලක්වමින් නීතිය බලාත්මක කිරීම සඳහා ඇති අතුරු විධාන වෙත යොමු කිරීම්, අපයෝජන සහ අපරාධ වැලැක්වීම, වරදකරුවන් පුනුරුත්තාපනයට යොමු කිරීම තුලින් සමාජ ගත කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීම තුලින් ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ඇති කිරීම තහවුරු කිරීමයි.

මහජන පැමිණිලි කවුළුවක් හඳුන්වාදීමේ අරමුණ
(cwb.online@police.gov.lk)

 

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මඟින් ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ඕනෑ ම ආකාරයක හිංසනයක්, ලිංගික හිංසනයක්, ගෘහස්ථ හිංසනයක්, ළමයින්ට ඇති අනාරක්ෂිත බවක්, ළමා ශ්‍රමය, ළමයින්ට  ක්‍රෑර ලෙස සැලකීම යනාදිය පිළිබඳ විමර්ශනය කර වැළැක්වීම සිදු කරයි.

  • පැමිණිලි භාර නොගැනීමක් හෝ නිසි විමර්ශනයක් පැවැත්වීමෙන් වැළකී සිටින අවස්ථාවක දී
  • අදාළ පොලිස් ස්ථාන මගින් සයිබර් අපරාධවලට එරෙහි ව නිසි විමර්ශනයක් සිදු නොකරන අවස්ථාවල දී

cwb.online@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය, 109 හදිසි ඇමතුම් අංකය සහ 0112 444 444 දුරකතන අංකය හරහා ඕනෑ ම අයෙකුට සෘජුව ම පැමිණිල්ලක් පහසුවෙන් ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කර ඇත.

තව ද,

  • තම නීත්‍යානුකූල භාරකරුවන් හෝ වෙනත් අයකු විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම හේතුවක් නිසා පොලිස් ස්ථාන වෙත සෘජුව ම ගොස් පැමිණිලි කිරීමට අකමැති නව යොවුන් වියේ දරුවන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ හදිසි ඇමතුම් අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ  අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ, පැය 24 පුරා ම ක්‍රියාත්මක වන මහජන පැමිණිලි කවුළුව මඟින් එවැනි පැමිණිලි සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කර අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබයි.

ලිපිනය

අංක 78, 1 වන මහල,
මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල,
ග්‍රෑන්ඩ්පාස් පාර,
කොළඹ 14,
ශ්‍රී ලංකාව

දුරකථන

හදිසි ඇමතුම් : 109
සෘජු දුරකථන : 011-2444444
දුරකථන : 011-2337041

විද්‍යුත් ලිපිනයන්

dir.cwbureau@police.gov.lk
cwb.online@police.gov.lk

Scroll to Top