ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීතිඥ සංසදයේ දෙවන සමුළුව සඳහා වැඩබලන පොලිස්පතිතුමාගේ සහභාගීත්වය

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.02 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වනු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීතිඥ සංසදයේ දෙවන සමුළුව සඳහා සහභාගී විය‍.

මෙරට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රධානව නීතිවේදීන්, අයතන ප්‍රධානීන්, ජාතික ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික නවෝත්පාදකයින් ඇතුලු ක්ෂේත්‍රයට අදාල වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය කරා යන ගමනේදී මුහුණ දෙන නීතිමය අභියෝග පිළිබඳව එහිදී පුළුල් සාකච්ඡාවක නිරත විය.

දේශීය විදේශීය ඩිජිටල් තර්ජන මැඩපැවැත්වීම, සයිබර් අපරාධ පිළිබඳව, කෘතිම බුද්ධිය අනිසි ලෙස භාවිතා කිරීම, දත්ත ආරක්ෂාකර ගැනීම වැනි කරුණු පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමුකරමින් යුගයට ගැලපෙන අයුරින් පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව එහිදී අදහස් ප්‍රකාශ කෙරුණි.

Scroll to Top