මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් දීපව්‍යාප්තව පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව ඌව පළාත් පොලිස් නිලධාරින් ආමන්ත්‍රණය කිරීමේ වැඩසටහන 2025.08.09 වන දින මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව ඌව පළාතේ පොලිස් ස්ථාන 48 කට අනුයුක්ත නිලධරයන්ගෙන් නිලධරයන් 400 දෙනෙකු පමණ ආමන්ත්‍රණය කිරීම සිදු කරන ලදී. මෙහිදී නිලධාරින් රාජකාරි සිදුකරගෙන යාමේදී ඇතිවන ගැටළු සම්බන්ධව අවධානය යොමු කරන ලදී. එසේම නිලධාරින්ගේ පුද්ගලික ගැටළුද ගරු අමාත්‍යතුමා සහ වැඩබලන පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කල අතර එම ගැටළු වලට සාධනීය විසදුම් හා යෝජනා ඉදිරිපත් කෙරිණි.
මෙම වැඩසටහනින් අනතුරුව රුපියල් මිලියන 18 ක් වැයකර ඉදි කරන ලද දිවුලපැලැස්ස පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ගරු අමාත්‍යතුමා විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ගරු ලේකම් රවී සෙනෙවිරත්න, ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව යන මහත්වරුන් හා බදුල්ල, බණ්ඩාරවෙල හා මොණරාගල කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු උසස් පොලිස් නිලධාරින් රැසක් සහභාගි විය.
එසේම පොලිස් නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම අරමුණු කර ගෙන ඌව පළාතේ පොලිස් නිලධාරින් වෙනුවෙන් බදුල්ල පොලිස් ස්ථාන භූමියේ ස්ථාපිත කරන ලද නවීනතම කායවර්ධන උපාංග වලින් සමන්විත කායවර්ධන ඒකකය වැඩබලන පොලිස්පතිතුමා විසින් විවෘත කරන ලදී. මෙම කාය වර්ධන මධ්‍යස්ථානය සුදුසුකම්ලත් කායවර්ධන පුහුණු උපදේශකයෙකු යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම අවස්ථාව සඳහා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් රැසක් සහභාගි විය.