තංගල්ල පොලිස් කොට්ඨාසයේ අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල මහා විද්‍යාලයට පැවති පුස්තකාලයක අඩුපාඩුව මකාදැමීමට ශ්‍රී ලංකා පොලිසියේ පුස්තකාල සංගමය 2025.07.04 වන දින එම විද්‍යාලයට පිවිසුනි.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු සෑම නිලධාරියෙකුගේම වැටුපෙන් සුළු මුදලක් පුස්තකාල සංගමය වෙනුවෙන් මාසිකව වෙන්වන අතර එමගින් එක්රැස් වන මුදල් පොලිස් කොට්ඨාස/ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස මට්ටමෙන් පිහිටවා ඇති සියලුම පොලිස් ස්ථානතුල පුස්තකාල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම මෙවැනි සත්ක්‍රියා සඳහාද නිශ්චිත ක්‍රමවේදයක් යටතේ වෙන්කරනු ලබයි.
පුස්තකාල සංගමයේ විධායක සංගමයේ පොලිස් සැරයන් ජීවන් සම්පත් නිලධාරියාගේ සම්බන්ධීකරණය යටතේ සංවිධානය වූ මෙම සත්ක්‍රියාව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඒ අනුව සාර්ථකව සිදුකෙරුනු අතර කොග්ගල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත් පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ ඉගෙනුම් උපකරණ පිරිනැමීමට එම සංගමය කටයුතු කර ඇත.
මෙම අවස්ථාව සඳහා පුස්තකාල සංගමයේ උප සභාපති පොලිස් අධීකාරී ජයතිස්ස මහතා, පුස්තකාල සංගමයේ විධායක සභික නිලධාරීන්, අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුලු නිලධාරීන් සහභාගී විය.
මීට සමඟාමීව ශිෂ්‍ය නායක පදක්කම් පැලදීමද එදින සිදුකෙරුනි. එම අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන දේශනය චතුර කථිකයෙකු සහ නිවේදකයෙකු ලෙස හදුන්වන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා විසින් සිදුකරන ලදී.