ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිතිකොටගෙන 2025.07.10 වන දින උදෑසන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පරිශ්‍රයේ ධර්ම දේශනාවක් පැවැත්වුනි.
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය සහ එම මූලස්ථානයේ නිලධාරීන් එය සංවිධානය කර තිබූ අතර ධර්ම දේශනය අවසානයේ පොලිස් ක්ෂේත්‍ර බලකාය ඉදිරිපිටින් ගමන්ගන්නා ජනතාව වෙනුවෙන් ඔවුන් දන්සලක්ද සංවිධානයකර තිබුනි.