ළමුන් සහ කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳව මෙන්ම ඔවුන්ට මුහුණ පෑමට සිදු වන ගැටළු පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශ මූලස්ථානයේ ස්ථාපිත කර ඇති කෙටි දුරකථන අංක “109” පිළිබඳව මහජනතාවගේ අවධානය යොමුකරවීමේ අරමුණින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය සංවිධානය කළ පාගමනක් 2025.07.19 වන දින සවස කොළඹ ආමර් වීදියේ සිට ගාලු මුවදොර පිටිය දක්වා පැවැත්විය.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නියොජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙන්, එම කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමා හේවා මහතා ඇතුළු ගම්පහ, කැලණිය, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, පානදුර, ඇල්පිටිය, ගාල්ල, මාතර, තංගල්ල හා කුලියාපිටිය පොලිස් කොට්ඨාසවල රාජකාරි කරනු ලබන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශ වලට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් නිළධරයන් 350 ක පමණ පිරිසක් ඊට සහභාගී විය.
පාගමන ආමර් වීදියේ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශ මූලස්ථානය අසලින් පස්වරු 02.00 ට ආරම්භ වී මරදාන හරහා කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කළ අතරතුර “109” විශේෂ මෙහෙයුම් මැදිරිය පිළිබඳව සහ ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන වලක්වා ගන්නා ආකාරය පිළිබඳව අත්පත්‍රිකා බෙදා දීම, ප්‍රදර්ශන මගින් පුවරු දැනුවත්කිරීම, වීදි නාට්‍ය මගින් රඟ දක්වා දැනුවත් කිරීම සහ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද විශේෂ වැඩසටහනක් මගින් මහජනතාව දැනුවත් කිරීම් සිදුකෙරුණි.