පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික ජීවිතය තුල මුහුණදීමට සිදුවන මූල්‍ය ගැටලුවකදී උපකාරී වීම සදහා 1924 වර්ෂයේදී එවකට පොලිස් අධිකාරීවරයෙකු වූ ජේ.ඩී එයිට්කන් මහතා විසින් ආරම්භ කරන ලද පොලිස් ඉතිරි කිරීමේ සංගමය නිසි ක්‍රමවේදයන් යටතේ අද ලෝකයට ගැලපෙන පරිදි සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.
එහි 98 වන වාර්ෂික මහ සභා රැස්වීම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 18 වන දින දහවල් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වුනි.
පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ පාලන කමිටු සභාපති සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, සංගමයේ සාමාජික නිලධරයන් මීට සහභාගී විය. ව්‍යාවස්ථාපිතව සංගමයේ සභාපති ලෙස පත්වන පොලිස්පතිතුමා ඇතුලුව සංගමයේ ප්‍රධාන තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් මෙහිදී පත්කළ අතර නව යෝජනා මෙන්ම අදහස් ඉදිරිපත් කෙරුණි.