සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 03 වන දිනට යෙදෙන පොලිස් දිනයට සමගාමීව ගරුතර මහා සංඝරත්නය පෙරටුකර ගනිමින්, පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ධජය සහ පොලිස් කොට්ඨාස ධජ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණේ තබා ශ්‍රී ලංකා පොලිසියට සහ රට දැයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදුකරයි.
මෙවරද සැදැහැ සිතින් එම කාර්ය ඉටුකරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ 2025.09.01 වන දින දහවල් අතිපූජනීය රුවන්වැලි සෑ රඳුන් සහ ශ්‍රී මහා බෝධීන් වහනසේ වැඩවසන අනුරාධපුර පූජා නගරයේ ආගමික වතාවත්හි නිරත විය.