2025.09.03 වන දිනට යෙදෙන පොලිස් සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අනාගතයට ආගමානුකූලව ආශිර්වාද ලබා ගැනීම සඳහා වැඩසටහන් රැසක් 2025.09.03 වන අද දින උදෑසන සිට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍රකරගනිමින් සංවිධානය කර ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (03) දින උදෑසන කොම්පඤ්ඤවීදිය ගංගාරාම විහාරස්ථානය , බම්බලපිටිය කදිරේෂන් හින්දු කෝවිල , කුරුඳුවත්ත දවටගහවත්ත මුස්ලිම් පල්ලිය සහ කොම්පඤ්ඤවීදිය ජේසු බිළිදාගේ කතෝලික දේවස්ථානය කේනද්‍රකරගනිමින් පැවැත්වුනු ප්‍රධාන සර්වාගමික වතාවන් සඳහා සෑම නිලතලයක්ම නියෝජනය වන පරිදි පොලිස් නිලධාරීන් රැසකට එක්වීමේ අවස්ථාව සලසා තිබුනි.