අළුත්වැඩියා කරන ලද කුරුඳුවත්ත පොලිස් ස්ථානයේපරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අළුත්වැඩියා කරන ලද කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය 2025.09.04 වන දින උදෑසන ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ සහභාගිත්වයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. 

වසර 102 ක් පැරණි මෙම පරිපාලන ගොඩනැගිල්ල රුපියල් මිලියන 70 ක මුදලක් වැය කරමින් අළුත්වැඩියා කටයුතු සිදු කර අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් බවට පත්කර ඇති අතර එය නව අවි ගබඩාවකින් සමන්විතය.

1923 වර්ෂයේදී ඔබේසේකර පවුලෙන් පරිත්‍යාගයක් ලෙස මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසියට හිමිව ඇති අතර එම පවුලේ සමාජිකාවක් වන සොන්ඩ්‍රාල් හිරන්ති ඔබේසේකර මහත්මියද මෙම උත්සවයට සහභාගි විය.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධරයන් පිරිසක් සහභාගි විය.

Scroll to Top