රාත්‍රි‌‌යේ රිය පැදවීමේදී විවේකයක් ගතයුතු බව සිහිපත් කරවීම

දහවල් කාලයේ නිසි විවේකයක් නොගෙන රාත්‍රියේ රිය පැදවීම රාත්‍රී කාලයේ සිදුව ඇති රිය අනතුරු රැසකට හේතු වී ඇත.

මේ පිළිබඳව රියදුරන්ගේ අවධානය වෙනස් ආකාරයකින් යොමුකරමින් හැටන් පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා, සහකාර පොලිස් අධිකාරී 1 නිශ්ශංක ගොඩමුන්න මහතා සහ වටවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතා 2025.08.15 දින රාත්‍රියේ වටවල පොලිස් ස්ථානය ඉදිරිපිට වැඩසටහනක් සංවිධානය කර ඇත.

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ එදින රාත්‍රී රිය ධාවනයේ යෙදුනු රියදුරන්හට එමගින් තේපැන් සංග්‍රහයක්ද ලබාදී ඇති අතර රැදී සිටීම සඳහා කල් වේලාව ඇති රියදුරන් හට මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන් එම ස්ථානයේ කාර්ටූන් චිත්‍රපට නැරඹීමටද අවස්ථාව සලසා තිබේ.

රාත්‍රී කාලයේ රිය ධාවනයේදී මෙලෙස වරක් හෝ විවේක ලබාගත යුුතු බව සිහිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.

Scroll to Top