අගනුවර අවට විවිධ වූ භාර්යදූර රාජකාරි ඉටුකරන පොලිස් නිලධාරීන්ගේ ධනාත්මක ආකල්ප තවදුරටත් දියුණු කිරීම අතිශය වැදගත් බැවින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වරින් වර ඔවුන්ව වීශිෂ්ඨ කලා නිර්මාණ රසවින්දනය සඳහා යොමුකරයි.
පොලිස්පතිතුමාගේ පූර්ණ අනුමැතියට යටත්ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධීකාරී නීතිවේදී එෆ්. යූ වුට්ලර් මහතා විසින් මෙවර ප්‍රවීන වේදිකා නාට්‍ය නිෂ්පාදක කිත්සිරි හේවාගමගේ මහතාගේ “නෙයිනගෙ සූදුව” නාට්‍ය රසවින්දනය සඳහා කොළඹ නගරය අවට රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්, 2025.09.16 දින සවස කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීය.
අනීතික සමාජ විරෝධී ප්රචන්ඩ මැරයින්ගෙන් පීඩිතවූ ජන කොට්ඨාසයක් ඉතා උපක්රමශීලීව ඉන් මුදා ගනිමින් මැරයන් නීතිය රැහැනට හසුහසුකර ගන්නට අපූරු වික්රමාණවිත වැටලීමක් සිදුකළ අපේ අතීත පොලිස් විරුවෙකු පිළිබඳව කියන ආදර්ශමත් වේදිකා රංගනයක් වන “නෙයිනගෙ සූදුව” නාට්‍ය රසාස්වාදය උදෙසා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලුව සියලු නිලතල නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් රැසක් ඒ් අනුව අපරාධ වාර්තා කොට්ඨාසයට එක්විය.
කිසිදු අයකිරීමකින් තොරව මෙම ප්‍රදර්ශන වාරය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් ප්‍රවීන වේදිකා නාට්‍ය නිෂ්පාදක කිත්සිරි හේවාාගමගේ මහතා ඇතුලු රන්ගන මඩුල්ලට ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවපූර්වක ස්තූතිය !