පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ ශූරතාවලියේ සමාප්ති උළෙල කොරියානු තානාපතිතුමිය මියොන් ලී (Miyon LEE) මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් 2025.11.04 වන දින සවස කොළඹ පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.
කොරියානු රාජ්‍යයෙන් උපත ලබා ලෝකප්‍රසිද්ධ සටන් කලාවක් වන ටයිකොන්ඩෝ (Taekwondo) ක්‍රීඩාව මෙරට පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ පුහුණු අවධියේදීම හඳුන්වා දීම වසර ගණනාවක් මුළුල්ලේ සිදුවන්නකි. මෙවන් තරඟාවලි වෙනුවෙන් පළාත් මට්ටමින් තරඟ වැදීම සඳහා වැඩිදුර හැදෑරීමට අවස්ථාව හිමිවන අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද ටයිකොන්ඩෝ සටන් කලාවේ කොරියානු ගෞරව උපාධියක් හිමි 6th Dan black belt ධාරියෙකු බව ප්රකටය.
මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ පසුගියදා කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවත්වුනු අතර කිලෝග්‍රෑම් 58 ට අඩු බර පන්තියේ අවසන් තරඟය පමණක් මෙම උළෙල අතරතුර පැවැත්වුනි. පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 105855 ඒන්. පී. ඒන් ප්‍රනාන්දු සමඟ පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක අතර පැවැත්වුනු එම තියුණු සටනින් පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක නිලධාරියා ජය ලැබීය.
අනතුරුව ත්‍යාග හා කුසලාන පිරිනැමීම අරඹමින් ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා වූ බස්නාහිර පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 74-80 බර පංතියේ තරඟ වැදුනු කළුතර පොලිස් විද්‍යාලයේ 60105 ඩබ්.එම්. එම් විජේසිංහ නිලධාරියාට හිමි කුසලානය ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මානව සම්පත් කළමානාකරන ජ්‍යාත්‍යන්තර සබඳතා දිසාව නියෝජ්‍ය පොලිස් එම්.එන් සිසිර කුමාර මහතාගේ සුරතින් පිරිනැමීය.
ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩිකාව වූ සබරගමුව පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49-53 බර පන්තිය යටතේ තරඟ වැදුනු වරකාපොළ පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 10398 එන්.ඩී.එස්.පී වීරවර්ධන නිලධාරිනියට හිමි කුසලානය කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා විසින් පිරිනැමීය.
ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ දක්ෂතම නිලධාරියා වූ 101324 ආර්.එම්. එන්. කේ රත්නායක නිලධාරියා සඳහා වූ කුසලානය හා ත්‍යාග, තරඟාවලියේ දක්ෂතම විනිසුරුවරයා වූ ජ්‍යාත්‍යන්තර විනිසුරු එච්.එස්.ඩී.එස් දිල්රුක් මහතාට හිමි සහතිකපත්‍රය හා තිළිණ පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය.
පොලිස්පතිතුමන් හා කොරියානු තානාපතිතුමිය මෙවර තරඟාවලියේ ආධුනිකයින්ගේ තරඟ මාලාවේ සමස්ථ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාතට හිමි කුසලානය සහ සමස්ථ තරඟාවලියේ කුසලානය, එනම් පොලිස්පති ටයිකොන්ඩෝ ශූරතාව දිනාගත් පොලිස් විශේෂ කාර්ය බලකා ටයිකොන්ඩෝ සංචිතයට හිමි කුසලානය පිරිනැමීම සඳහා එක්විය.
නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා, ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ ලේකම් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී නිරෝෂා කුමාරි මහත්මිය ඇතුලුව ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්වී සිටි අතර ටයිකොන්ඩෝ කලාව අති දක්ෂ ලෙස පුරුදු පුහුණුවන රත්නපුර Diamond Kick ටයිකොන්ඩෝ සමාජය දැක්වූ ශිල්පීය ක්‍රම සපිරි සන්දර්ශනයක් මගින් සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන්ගෙන් වේදිකාව වර්ණවත් කෙරුණි.
මෙම සියලු අවස්ථා Sri Lanka Police නිල Facebook පිටුව මගින් සජීවීව විකාශය කරන ලදී.