පසුගිය නොවැම්බර් මස 20,21 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්රිඩාන්ගනයේදී පැවැත්වුනු 39 වන රාජ්‍ය සේවා තරගාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 678 ක් ලබාගත් ශ්‍රී ලංකා පොලිසියට හිමිවිය.
පොලිසියේ ක්‍රීඩික ක්‍රීඩාවන් රාජ්‍ය අයතන 80ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 1200 ක් සමඟ අති දක්ෂ ලෙස තරඟ ඉසව් සඳහා තරඟවැදී මුල් පෙළ ජයග්‍රහණ රැසකට හිමිකම් කියමින් සමස්ථ ශූරතාවය සඳහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය පහසුවෙන් රැස් කර ගැනීමට සමත්විය.
තරඟාවලියේ විශිෂ්ඨම මළල ක්‍රීඩිකාවට හිමි කුසලානය 23 වන ආසියානු ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 5 ක් ලබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුත්කව රාජකාරි නියුතු කාන්තා පොලිස් කොස්තාපල්.7809 බී.ජී.සචිත්‍රා හර්ෂණී ජයකාන්ත නිලධාරිනිය හිමිකරගනිමින් ඇය ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් දක්ෂතම මළල ක්‍රීඩාව බව නැවතත් තහවුරු කරන ලදී.
විශිෂ්ඨම මළල ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් 90433 ටි.ජි.එස් විජේතුංග නිලධාරියා කුසලානය හා සහතිකපත්‍රය ලබාගත්තේය.
විශිෂ්ඨම නවක මළල ක්‍රීඩකයා ලෙස පොලිස් විද්‍යාලයේ පොලිස් කොස්තාපල් 107601 ඩි.එම්.පි ප්‍රබෝද් නිලධාරියාත් තරඟාවලියේ විශිෂ්ඨම නවක මළල ක්‍රීඩිකාව ලෙස ඉදුල පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 13288 දිසානායක නිලධාරිනියත් ඇගයීමට ලක්විය.
එමෙන්ම වයස අවුරුදු 50-54 අතර හොදම ක්‍රීඩිකාව මොනරාගල පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂක දිල්රුක්ෂි නිලධාරිනියයි.
වයස අවුරුදු 35-39 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් 6216 උදය කුමාර නිලධාරියායි. එම වයස් කාණ්ඩයේ හොදම මළල ක්‍රීඩිකාව ගාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 8646 නිලධාරිනියයි.
වයස අවුරුදු 45-49 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 39931 ජී.එම්.සි සරත් කුමාර නිලධාරියායි.
ඒම ජයග්රහණයන් සමඟ අවුරුදු 55-59 , 45-49, 40-44, 40-44, 35-39 යන වයස් කණ්ඩාවල අනුශූරතාවයන් ශ්‍රී ලංකා පොලිසියට හිමි වූ අතර 50-54 වයස් කාණ්ඩයේ, නවක මළල ක්‍රීඩක හා විවෘත මළල ක්‍රීඩා තරඟ කාණ්ඩයේ ශූරයින් ලෙස පොලිස් ක්‍රීඩකයින්ට ඉහළ ලකුණු ලබාගැනීමට හැකිවිය.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානව පොලිස් මලළ ක්‍රීඩා සභාපති නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතාගේ සහ පොලිස් මලළ ක්‍රීඩා ලේඛම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ නායකත්වය හා දිරිමත්කිරීම් මෙවර රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහණය හිමිකරගැනීම සඳහා මහෝපකාරී වූ බව ක්‍රීඩක ක්‍රීඩිකාව් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන බව සඳහන් කළ යුතුය.