INTERPOL 93 වන සැසිවාරයට සමඟාමීව රටවල් රැසක් සමඟ පැවැත්වූ සාකචඡා ඵලදායී

2025 නොවැම්බර් 24 සිට 27 දක්වා මොරොක්කෝවේ Marrakech හි පැවති ජ්‍යාත්‍යන්තර පොලිස් සංගමයේ (INTERPOL)  93 වන සැසිවාරයට සඳහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගී වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ඇතුලු නිලධාරීන් එහිදී ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක නිරත වී තිබේ.

මෙහෙයුම් සහයෝගීතාව ශක්තිමත් කිරීම, තොරතුරු බෙදාගැනීමේ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම සහ අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීම සඳහා ඒ්කාබද්ධ උත්සාහයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සඳහා විදෙස් ආරක්ෂක අංශ සමඟ පවත්නා සහයෝගීතාවය පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යමුකර ඇත. 

පොලිස්පතිතුමන් හා මෙරට නියෝජිතයින් තායිලන්තය, බෙලරුස්, ඕමානය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ ජපානය යන රටවල නියෝජිතයින් සමඟ පැවැත්වූ සාක්ච්ඡා වඩාත්ඵලදායී  ලෙස නිමාවී ඇති අතර ජ්‍යාත්‍යන්තර පොලිසිය (INTERPOL) රාමුව තුළ අන්‍යෝන්‍ය සහයෝගය උපරිම මට්ටමින් ලබාදීමට කැපවන බව ප්‍රකාශ වී ඇත.

Scroll to Top