මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව නියැලෙන දේශීය ශ්‍රමිකයන්, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු අවස්ථා පිළිබඳව මෙන්ම සේවය ලබන සංචාරකයින් හට යම් අවස්ථාවක ආරක්ෂාව පිළිබඳ ගැටළුකාරී අවස්ථාවක් පැන නැගුනහොත් ඔවුන් විසින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කෙරෙන වැඩමුළු සඳහා පොලිස් නිලධාරීන්ගේ සම්පත් දායකත්වය හිමි වේ.
Jetwing Travels පුද්ගලික ආයතනයේ ඇරයුමක් පරිදි පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.යූ වුට්ලර් මහතා සහභාගී වූ එවැනි දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025.10.28 දින උදෑසන Jetwing Travels පුද්ගලික ආයතනයේදී පැවත්වුනි.
සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධව මෑත කාලයේ වාර්තා වූ සිදුවීම් ඇසුරින් පැහැදිලිකිරීම් සිදුකරමින් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව හරවත් දේශනයක් මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් එහිදී පැවැත්වූ අතර එම ආයතනය යටතේ සේවය සපයන මඟ පෙන්වන්නන්, වාහන සැපයුම් කරුවන්, රියදුරන්, හෝටල් හිමියන්, ආපන ශාලා පවත්වාගෙන යන්නන්, සන්නිවේදකයින් වැනි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු වෘත්තිකයින් හා ශ්‍රමිකයන් පූර්ණ දැනුවත්භාවයක් එමගින් ලබාගත්හ.