මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් පසුකළ “TAKE CARE” 50 වන කඩඉම

කොළඹ රථවාහන මූලස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධරයන් සමස්ථ දිවයින ආවරණය වන පරිදි 2025 වර්ෂයේ පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් රිය නියාමක දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 50 වන වැඩමුළුව 2025.10.28 වන දින මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වුනි. 

වැඩමුළුව සදහා අවට පාසල් 25 ක සිසු සිසුවියන් 1500 ක් පමණ සහභාගී කරගත් අතර රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් එහිදී රථ හැසිරවීමේදී යොදාගන්නා හස්ත සංඥා පිළිබඳව දැනුම, මාර්ග නීති පිළිබඳව දැනුම සහ මාර්ග ආරක්ෂාව සඳහා පාසල් සිසුන් දැනුවත් විය යුතු දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ලබා දීමට ක්‍රියා කළහ.

උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා විසින් ප්‍රධාන දේශනය ඇතුලු ප්‍රයෝගික ක්‍රියාකාරකම් මෙහෙයවින් සිසු සිසුවියන් අතරින් උදෑසන පාසල් ඉදිරිපිට රථවාහන අතරින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීම සඳහා රිය නියාමක සිසුන් 150 දෙනෙකුද තෝරාගන්නා ලදී.

මෙවරද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය විසින් දැක්වූ අනුග්‍රහය මගින් රිය නියාමක පැළදුම්, වැඩමුළුවට තවත් පාසල් ද්‍රව්‍ය සිසු සිසුවියන් වෙත පිරිනැමීම සිදුකෙරුනි.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ නායකත්වය යට‌තේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගේ  අධීක්ෂණය පරිදි මෙම වැඩසටහන තවදුරටත් දීප ව්‍යාප්තව පැවැත්වීමට අරමුණුකර ඇත.

Scroll to Top